උඩු ගුවනේදී ලෙඩවූ “ගුවන් සමාගම” ගැන තීරණයක් ගනියි

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් සේවා සිදු කරන ” සකුරා ඒවියේෂන් ” සමාගමේ බලපත්‍රය පත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට නියෝග කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කර සිටිනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ අදාළ ගුවන් සේවා සමාගමේ ගුවන් යානා දෙකක සිදුවූ හදිසි කාර්මික දෝෂ සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ අවසන් වන තෙක් මෙම තහනම ක්‍රියාත්මක කිරීමට තමන් නියෝග කළ බවයි.

සකුරා ඒවීයේෂන් සමාගමට අයත් සැහැල්ලු ගුවන් යාන දෙකක් සතියක පමණ කාලය තුලදී උඩු ගුවනේදී කාර්මික දෝෂයන්ට ලක්වීමෙන් හදිසි ගොඩබෑමේ සිදුවීම් වාර්තා විය.

ඉන් පළමු සිදුවීම ඉකුත් 22 වෙනිදා බේරුවල ප්‍රදේශයේදී සහ අනෙක් සිදුවීම අද දිනයේදී මිගමුව, කිඹුලාපිටිය ප්‍රදේශයේ දී වාර්තා විය.

අද දිනයේදී විදෙස් සංචාරකයින් යුවලක් රැගත් සකුරා ඒවීයේෂන් සමාගමට අයත් “සෙස්නා ” වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් රත්මලානේ සිට සිගිරියට ගොස් එහි සිට නැවත කොග්ගල ප්‍රදේශය බලා යමින් සිටියදී හදිසි කාර්මික දෝෂයකට ලක්වීමෙන් මීගමුව, කිඹුලාපිටිය ප්‍රදේශයේ පිහිටි වෙල්යායකට ගොඩබාන ලදී.

මෙම සිදුවීමෙන් එම ගුවන් යානයේ නියමුවරයා, නියමුවරිය ඇතුළු විදෙස් ජාතික යුවල සුළු තුවාල ලබා මිගමුව රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?