උඩවලව ජලය ප්‍රමාණවත් වන්නේ දින 3කට පමණයි – මහවැලි අධිකාරිය

උඩවලව ජලාශයේ පවතින ජල ධාරිතාව ප්‍රමාණවත් වන්නේ දින තුනකට පමණක් බව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සඳහන් කළේ, මේ වන විට එහි අක්කර අඩි 5000ක පමණ ජල ධාරිතාවක් පවතින බවයි. සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ඊයේ (12) නිකුත් කෙරුණු ජල ධාරිතාව අක්කර අඩි 2300ක්.

ඒ අනුව වම් ඇළ හරහා මයුරපුර සහ සූරියවැව ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ ජලය නිකුත් කෙරුණා. දකුණු ඇල හරහා සඳුදා දක්වා අගුණුකොළපැලැස්සට ජලය නිකුත් කෙරෙන බවයි මහවැලි අධිකාරිය සඳහන් කළේ.

සමනළ වැවෙන් ජලය ලැබීම හේතුවෙන් උඩවලව ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 5751ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කාර්යභාර ඉංජිනේරුවරයා පැවසුවේ, ඊයේ (12) පස්වරුව වනවිට වම් ඉවුරට තත්පරයට ඝන මීටර් 12.26ක ජල ධාරිතාවක් මුදා හරින බවයි.

දකුණු ඉවුරට මුදා හැරෙන ජල ධාරිතාව තත්පරයට ඝන මීටර් 9.69ක්.

මේ අතර සමනල වැව ජලාශයෙන් ගොවි ජනතාව වෙත අවශ්‍ය ජලය නිකුත් කිරීම සිදු කළද කුඹුරු ඉඩම් සඳහා මෙතෙක් ප්‍රමාණවත් පරිදි ජලය ලැබී නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

තවදුරටත් ජලය නිකුත් කිරීම ප්‍රමාද වුවහොත් වගා බිම් තදුරටත් විනාශ වීමේ අවධානමක් පවතින බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ.

කුඹුරු ඉඩම් සඳහා ප්‍රමාද වී ජලය ලැබීම හේතුවෙන් ගොවි ජනතාව අතර ගැටුම් නිර්මාණය වී ඇති බව ද අමාත්‍ය මහින්ද අමරවීර පෙන්වා දෙනවා.

ජලය නොමැති කාලය තුළ සිදුවූ වගා හානි තක්සේරු කිරීම මේවනවිට සිදු කරමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ තවමත් ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය පරිදි ජලය ගොවීන්ට නොලැබෙන බවයි.

හානි වූ වගා සඳහා රජය කඩිනමින් මැදිහත් වී වන්දි ලබා දීම සිදු කළ යුතු බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීම හමුවේ ජල ධාරිතාව ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් සමනල වැව බලාගාරයේ විදුලිය නිෂ්පාදන ධාරිතාව සීමා කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, බලාගාරයට ජලය ලබා ගන්නා පිවිසුමේ ජල සුළි ඇතිවීමේ අවදානමක් හේතුවෙන් විදුලි නිෂ්පාදන ක්ෂමතාවය ද පහත හෙළා ඇති බවයි. මේ වනවිට බලාගාරයේ විදුලිය නිෂ්පාදනය මෙගාවොට් 80ක්.

මේ අතර දකුණු පළාතේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතියේ ඉදිරිකිරීම් ඉදිරි දින 5 තුළ අවසන් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ, එහි අවසන් අදියරේ ඉදිකිරීම් සඳහා බාධාවක්ව පැවති කොටසේ රැහැන් ඇදීමට අදාළ ඉඩමේ හිමිකරු අවසර ලබා දීමත් සමගයි.

ඒ අනුව ඉඩමට ඉහළින් පොල්පිටියේ සිට හම්බන්තොට දක්වා සම්ප්‍රේෂණ පද්ධතියේ විදුලි රැහැන් ඇදීම ඊයේ ආරම්භ කෙරුණා.

මේ අතර දැනට අක්‍රීය වී ඇති නොරොච්චෝලේ බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රය අලුත්වැඩියාවලින් පසු ලබන බදාදා රාත්‍රිය වනවිට ජාතික පද්ධතියට එක් කිරීමට හැකි වනු ඇති බවටයි විදුලි බල මණ්ඩල විශ්වාසය පළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?