උඩවලව ජලය ප්‍රමාණවත් වන්නේ දින 3කට පමණයි – මහවැලි අධිකාරිය

උඩවලව ජලාශයේ පවතින ජල ධාරිතාව ප්‍රමාණවත් වන්නේ දින තුනකට පමණක් බව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සඳහන් කළේ, මේ වන විට එහි අක්කර අඩි 5000ක පමණ ජල ධාරිතාවක් පවතින බවයි. සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ඊයේ (12) නිකුත් කෙරුණු ජල ධාරිතාව අක්කර අඩි 2300ක්.

ඒ අනුව වම් ඇළ හරහා මයුරපුර සහ සූරියවැව ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ ජලය නිකුත් කෙරුණා. දකුණු ඇල හරහා සඳුදා දක්වා අගුණුකොළපැලැස්සට ජලය නිකුත් කෙරෙන බවයි මහවැලි අධිකාරිය සඳහන් කළේ.

සමනළ වැවෙන් ජලය ලැබීම හේතුවෙන් උඩවලව ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 5751ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කාර්යභාර ඉංජිනේරුවරයා පැවසුවේ, ඊයේ (12) පස්වරුව වනවිට වම් ඉවුරට තත්පරයට ඝන මීටර් 12.26ක ජල ධාරිතාවක් මුදා හරින බවයි.

දකුණු ඉවුරට මුදා හැරෙන ජල ධාරිතාව තත්පරයට ඝන මීටර් 9.69ක්.

මේ අතර සමනල වැව ජලාශයෙන් ගොවි ජනතාව වෙත අවශ්‍ය ජලය නිකුත් කිරීම සිදු කළද කුඹුරු ඉඩම් සඳහා මෙතෙක් ප්‍රමාණවත් පරිදි ජලය ලැබී නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

තවදුරටත් ජලය නිකුත් කිරීම ප්‍රමාද වුවහොත් වගා බිම් තදුරටත් විනාශ වීමේ අවධානමක් පවතින බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ.

කුඹුරු ඉඩම් සඳහා ප්‍රමාද වී ජලය ලැබීම හේතුවෙන් ගොවි ජනතාව අතර ගැටුම් නිර්මාණය වී ඇති බව ද අමාත්‍ය මහින්ද අමරවීර පෙන්වා දෙනවා.

ජලය නොමැති කාලය තුළ සිදුවූ වගා හානි තක්සේරු කිරීම මේවනවිට සිදු කරමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ තවමත් ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය පරිදි ජලය ගොවීන්ට නොලැබෙන බවයි.

හානි වූ වගා සඳහා රජය කඩිනමින් මැදිහත් වී වන්දි ලබා දීම සිදු කළ යුතු බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීම හමුවේ ජල ධාරිතාව ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් සමනල වැව බලාගාරයේ විදුලිය නිෂ්පාදන ධාරිතාව සීමා කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, බලාගාරයට ජලය ලබා ගන්නා පිවිසුමේ ජල සුළි ඇතිවීමේ අවදානමක් හේතුවෙන් විදුලි නිෂ්පාදන ක්ෂමතාවය ද පහත හෙළා ඇති බවයි. මේ වනවිට බලාගාරයේ විදුලිය නිෂ්පාදනය මෙගාවොට් 80ක්.

මේ අතර දකුණු පළාතේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතියේ ඉදිරිකිරීම් ඉදිරි දින 5 තුළ අවසන් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ, එහි අවසන් අදියරේ ඉදිකිරීම් සඳහා බාධාවක්ව පැවති කොටසේ රැහැන් ඇදීමට අදාළ ඉඩමේ හිමිකරු අවසර ලබා දීමත් සමගයි.

ඒ අනුව ඉඩමට ඉහළින් පොල්පිටියේ සිට හම්බන්තොට දක්වා සම්ප්‍රේෂණ පද්ධතියේ විදුලි රැහැන් ඇදීම ඊයේ ආරම්භ කෙරුණා.

මේ අතර දැනට අක්‍රීය වී ඇති නොරොච්චෝලේ බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රය අලුත්වැඩියාවලින් පසු ලබන බදාදා රාත්‍රිය වනවිට ජාතික පද්ධතියට එක් කිරීමට හැකි වනු ඇති බවටයි විදුලි බල මණ්ඩල විශ්වාසය පළ කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48