උඩරට වෙස් නැටුමේ රන් සලකුණක් තැබූ පීටර් සූරසේන අභාවප්‍රාප්ත වෙයි

මෙරට සුවහස් ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමින් උඩරට වෙස් නැටුම් සම්ප්‍රදායෙන් කෙළ පැමිණි ප්‍රවීණයෙකු ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ නර්තනවේදී පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (25) පෙරවරුවේ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 85 හැවිරිදි වියෙහි පසුවුණා.

වයස්ගත ව කෙටි කලක් ඒ මහතා රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදියි මෙලෙස අද දිනයේ දී දිවි රඟමඬලින් සමුගත්තේ.

වර්ෂ 1940 ජනවාරි මස 13 වැනිදා මහනුවර හඟුරන්කෙත – අරුප්පල ප්‍රදේශයේ දී මෙලොව එළිය දුටු ප්‍රවීණ නර්තනවේදියා සිය මූලික අධ්‍යාපනය අරුප්පල ධර්මාශෝක විද්‍යාලයෙන් අවසන් කරනවා.

අට හැවිරිදි වියෙහි පසුවන විට හෙතෙම නර්තන ශිල්පය හැදෑරීමට ඔහුගේ පියා සමග මහනුවර – අමුණුගම සුරඹා ගුරුන්නාසේ සම්මුඛයට පමුණුවන අතර එහිදී ඔහු දැක්වූ සුවිශේෂී නර්තන දක්ෂතා හේතුවෙන් කැපී පෙනෙන ශිෂ්‍යයෙකු ලෙසටයි හැඳින්වූයේ.

ඉන් අනතුරුව සුරඹා ගුරුන්නාසේගේ මගපෙන්වීම මත මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැරට පීටර් සූරසේන විශිෂ්ටයාණන් එක්වන අතර එහිදී ද ඔහු පළමුව එක්වන්නේ මාලිගාවේ දේවාල පෙරහැරටයි.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේ දී නිශ්ශංක විජේරත්න දියවඩන නිලමේවරයා විසින් සූරසේන නර්තනවේදියාගේ කුසලතාව ගැන පැහැදී දියවඩන නිලමේවරයාගේ දෙපසින් යන නැටුම් කණ්ඩායමේ දකුණුපස ප්‍රධානියා ලෙස පීටර් සූරසේන ව තෝරාගත්තා.

ජනාධිපති ඩී.බී විජේතුංග මහතා විසින් ද “ශ්‍රී ලංකා තිලක” ගෞරව නාමයෙන් මෙම සුවිසල් නර්තන ශිල්පියා ව ගෞරයට පාත්‍ර කර තිබීම ද විශේෂත්වයක්.

වෙස් නැටුම් ශිල්පියෙකු ලෙස රටවල් 80ක සංදර්ශන පවත්වා ඇති අභාවප්‍රාප්ත පීටර් සූරසේන මහතා ශ්‍රී ලංකා රාජ්‍ය නැටුම් කණ්ඩායමේ ප්‍රධාන වෙස් නැටුම් ශිල්පියා ද වුණා.

1970 වර්ෂයේ දී රජයේ ගුරු සේවයට එක්වන පීටර් මහතා ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, හික්කඩුවේ ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මහනුවර සිල්වෙස්තර විද්‍යාලයේ ද හිටපු නර්තන ගුරුවරුයායි.

දිවංගත සුමනා උඩගෙදර මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන මෙම විශිෂ්ටයා දරුවන් පස්දෙනෙකුගේ පියෙක්.

වර්ෂ 1958 සිට 64 වසරක් දළදා මාලිගාවේ පෙරහැරේ වෙස් නැටුම් ශිල්පියා ලෙස කටයුතු කරමින් දෙස් – විදෙස් ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ පීටර් සූරසේන ප්‍රවීණ නර්තනවේදියාණනි; ඔබට සුව නින්දක්!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?