කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අද (10) දිනයේත් සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර අද (10) පස්වරු 7.00ට පොඩි මැණිකේ දුම්රිය රාත්‍රී තැපැල් දුම්රිය ලෙස ඇල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කිරීමට නියමිත බවයි බදුල්ල දුම්රිය ස්ථානයෙන් අප කළ විමසීමක දී එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන දෙකකට පස් කඳු කඩා වැටීම් වාර්තා වනවා.
දෙමෝදර සහ හාලිඇල අතර සහ ගෙලිඔය සහ ගම්පොළ අතර ස්ථාන දෙකක පස් කඳු මෙලෙස දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.
රාගම සහ වල්පොළ දුම්රිය ස්ථාන අතර මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.




