උඩරට මාර්ගයේ නයිට් මේල් අදත් සාමාන්‍ය පරිදි

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අද (10) දිනයේත් සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර අද (10) පස්වරු 7.00ට පොඩි මැණිකේ දුම්රිය රාත්‍රී තැපැල් දුම්රිය ලෙස ඇල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කිරීමට නියමිත බවයි බදුල්ල දුම්රිය ස්ථානයෙන් අප කළ විමසීමක දී එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන දෙකකට පස් කඳු කඩා වැටීම් වාර්තා වනවා.

දෙමෝදර සහ හාලිඇල අතර සහ ගෙලිඔය සහ ගම්පොළ අතර ස්ථාන දෙකක පස් කඳු මෙලෙස දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.

රාගම සහ වල්පොළ දුම්රිය ස්ථාන අතර මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55