AFC Banner
AFC Banner
Empty Ad

උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ සහ මගී ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමෙන් ඇණහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත් කළ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ භාණ්ඩ සහ මගී ප්‍රවාහන දුම්රිය ඊයේ (30) උදෑසන 9.30ට පමණ තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර හොලිරුඩ් වත්ත ප්‍රදේශයේදී පීලි පැනීමට ලක් වුණා.

එම දුම්රියේ එන්ජිම සහ මගී ප්‍රවාහන මැදිරි දෙකක් පීලි පැනීමට ලක්ව තිබූ අතර පීලිගත කිරීම් අවසන් වන තෙක් උඩරට මාර්ගයේ ගමන් ගත් අනෙක් දුම්රිය පීලි පැනීමට ලක්වූ දුම්රිය ඇති ස්ථානය වෙත ධාවනය කර මගීන් මාරු කර ගමනාන්තයන් වෙත යැවීමට පියවර ගෙන තිබුණා.

දුම්රිය පීලිගත කිරීම් අවසන් කර ඊයේ රාත්‍රී 9 පමණ සිට දුම්රිය ධාවනය යථා තත්වයට පත් කළ බවයි පාලක මැදිරිය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?