AFC Banner
Empty Ad

උඩදියලුමේ පෙම්වතුන්ට කඳවුරු බඳින්න උදව් කළ ගයිඩ්ලා රිමාන්ඩ්

කොස්ලන්ද – උඩදියලුම ප්‍රදේශයේ කඳවුරු බැඳ සිටි තරුණ යුවළකට එල්ල වූ වනඅලි ප්‍රහාරයකින් තරුණියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ අදාළ සැකකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කේ.ජීවරානි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ලබන 25 වනදා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ අදාළ තරුණ යුවළට අනාරක්ෂිතව රැය පහන් කිරීමට ඉඩකඩ සලසා දුන් සංචාරක මඟ පෙන්වන්නන් ලෙස පෙනී සිටි තරුණයන් දෙදෙනෙක්.

මොවුන් වයස අවුරුදු 24 සහ 32 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි පොලිසිය පැවසුවේ.

පසුගිය 11 වනදා කොස්ලන්ද – උඩදියලුම ප්‍රදේශයට පැමිණි තරුණ යුවළක් රාත්‍රියේ එහි කඳවුරු බැඳ තිබුණා.

එහිදී ඔවුන් කඳවුරු බැඳ තිබූ ස්ථානයට පැමිණි වන අලියෙක් රාත්‍රී 10.30ට පමණ කූඩාරමට ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

වන අලියාගේ ප්‍රහාරයට ලක් වූ තරුණිය එම ස්ථානයේදීම මියගොස් තිබූ අතර තුවාල ලබා සිටි තරුණයා කොස්ලන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට මාරු කර යැවීමටයි කටයුතුකර තිබුණේ.

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගියේ මාතර, කැකුණදුර පදිංචිව සිටි තරුෂි කවීෂා නමැති 23 හැවිරිදි තරුණියක් වන අතර, තුවාල ලැබූ තරුණයා ධනුෂ්ක මධුෂාන් නම් 22 හැවිරිදි අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
4
+1
1
+1
8
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?