උග්‍රවන ආර්ථික අර්බුදය හමුවේ පාකිස්තානයට ණය ගැනීමේ අවස්ථා සීමාවෙයි

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතන එහි ඉදිරි දැක්ම යටතේ ණය ශ්‍රේණිගත කිරීම අතින් සෘණාත්මක සහ අතිශය පහළ තත්ත්වයකට පහත හෙළීමෙන් පසුව පාකිස්තානයේ ණය ගැනීමේ විකල්පයන් සීමා වී තිබෙනවා.

The Review නම් සාකච්ඡාමය වැඩසටහනකට එක්වෙමින් ආර්ථික විශේෂඥයින් මේ බව පෙන්වා දී තිබෙනවා.

එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ෂාබාස් රානා පැවසුවේ මෙම තත්ත්වය නිසා පාවෙන යුරෝ බැඳුම්කර සඳහා දොරටු වැසී යාමට අමතරව රටේ ණය ගැනීමේ පිරිවැය තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි.

ෂරියා නීතිය යටතේ එන සුකුක් හෙවත් ඉස්ලාමීය බැඳුම්කර සඳහා දෙසැම්බර් 05 වන දින ඩොලර් බිලියන 01ක් ආපසු ගෙවීමට පෙර විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 08ට වඩා පහත වැටී ඇති බවත් එම තත්ත්වය යටතේ IMF වැඩසටහකකට යොමු වීම, ඉතා තීරණාත්මක වී ඇති බවත් රානා පෙන්වා දෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ වත්මන් මූල්‍ය වර්ෂය සඳහා පාකිස්ථානු රජය විසින් බහුපාර්ශ්වික නියෝජිතායතනවලින් ඩොලර් බිලියන 7.7ක ණය ගලා ඒමක් ඇස්තමේන්තු කර ඇති බවයි.

ගෙවුණු මාස හතරක් තුළ ඩොලර් බිලියන 2.3ක් එනම් 30%ක ණය ප්‍රමාණයක් පාකිස්තානයට ලබා දී ඇති බවත් දැනට පාකිස්තානය ගෙවන ප්‍රමාණයට වඩා 40% ත් 50% ත් අතර වැඩි පොලියක් විදේශ වාණිජ බැංකු ඉල්ලා සිටින බවත් ඔහු අනාවරණ කළා.

ලෝක බැංකුවේ ඩොලර් බිලියන 1.1 කට ආසන්න අයවැය ආධාරක ණය ශේෂය තවමත් අවිනිශ්චිත අතර පකිස්ථානය ඩොලර් මිලියන 450 ණයක් සඳහා කොන්දේසි සපුරා ඇති බව පවසන නමුත් ලෝක බැංකු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් සඳහා දිනයක් මෙතෙක් තීරණය කර නොමැති බවද ඔහු පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14
Video thumbnail
අපි ආණ්ඩුවේ අවලාදවලට හිරවෙලා..ආර්ථිකය බලන් ඉද්දිම කඩා වැටෙනවා l Dilith Jayaweera
09:37
Video thumbnail
නීතිය රකින පොලිස් නිලධාරින් හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..නීති දෙකක්ද ?
00:44
Video thumbnail
මල්වානේ නිවසේ නවතම තත්ත්වය..ලොක්කොන්ගේ දේපළ එළියට ආවා කියලා කළබලයක් වෙලා
04:22
Video thumbnail
මිලියන 6000ක බැඳුම්කර වංචාවක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..සමාගමට දෙයියන්ගෙම පිහිටයි
06:31
Video thumbnail
කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58