AFC Banner
AFC Banner
Empty Ad

ඊශ්‍රායල පාපන්දු ලෝලීන් සහ පලස්තීන ආධාරකරුන් පිරිසක් ගැටෙති

යුරෝපා ලීග් පාපන්දු තරගාවලියක් ආරම්භ වීමට පෙර ඊශ්‍රායල පාපන්දු ලෝලීන් පිරිසක් සහ පලස්තීන පාපන්දු ලෝලීන් පිරිසක් ගැටී තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ මෙම සිදුවීම මෙතෙක් නිශ්චිතව ම කුමක් කරණකොටගෙන නිර්මාණය වූ ගැටුමක් දැයි හෙළි ව නොමැති වුවත්; අදාළ සිදුවීම නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර දී සිදු ව ඇති බවයි.

එහිදී මැකාබි ටෙල් අවි (Maccabi Tel Aviv) ආධාරකරුවන් තරගය ආරම්භ වීමට පෙර පලස්තීන ධජවලට හානි කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම පාපන්දු තරගය මැකාබි ටෙල් අවි සහ ඇජැක්ස් යන කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබුණා.

මොවුන් දෙපාර්ශ්වයම ඊශ්‍රායල හා පලස්තීන ගැත්තවුන් බව ද හෙළි ව තිබෙනවා.

ඊයේ (07) රාත්‍රියේ ජොහාන් ක්‍රයිෆ් අරීනා, නගරයේ ප්‍රධාන ක්‍රීඩාංගනය සහ අජැක්ස් ඇම්ස්ටර්ඩෑම්හි ගෘහස්ථ ක්‍රීඩාංගණයෙන් පිටත මෙම ගැටුම් ඇති වූ බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් තරගය පැවැත්වීමට ක්‍රීඩාංගණයෙන් පිටත සිදු වූ මෙම ගැටුම් තර්ජනයක් නොවී ඇති බවත් එම තරගය මැකාබිවරුන් පරදා ඇජාස් ගෝල 3-0ක්, සහ 5-0ක් ලෙස ජයගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?