ඊශ්‍රායල ඩ්‍රෝන යානා 25ක් පාකිස්තානය අතින් බිමට – ඉන්දියාව අඩියක් පස්සට?

ඉන්දියාව විසින් එවන ලද ඊශ්‍රායලයේ නිෂ්පාදින ඩ්‍රෝන යානා 25ක් පාකිස්තානය බිම හෙලා ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ; ISPR නිවේදනය කරන පරිදි ඊයේ (07) රාත්‍රියේ සිට තම රටට එල්ල කළ ඊශ්‍රායලයේ නිෂ්පාදිත හැරොප් ඩ්‍රෝන යානා 25ක් පාකිස්තාන සන්නද්ධ හමුදාව විසින් බිමට පතිත කරන ලද බවයි.

පකිස්ථාන සන්නද්ධ හමුදා, ඔවුන්ගේ තාක්ෂණික) සහ ආයුධ කුසලතා සම්පූර්ණයෙන්ම භාවිතා කරමින්, ඉන්දියාව විසින් එවන ලද ඊශ්‍රායලයේ නිෂ්පාදිත හැරොප් ඩ්‍රෝන යානා 25ක් බිම හෙළා ඇත,” යනුවෙන් අදාළ නිවේදනයේ සඳහන්.

මැයි 6 වන දින පාකිස්තානය සිය ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් “නවීන ජෙට් යානා පහක්, ඩ්‍රෝන යානා කිහිපයක් සහ සොල්දාදුවන්ගේ මරණ” මත ඉන්දියාව යම් අඩියක් පසුපසට ගෙන ඇති බවත් අන්තර් සේවා මහජන සම්බන්ධතා (ISPR) ඒකකය නිවේදනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
12
+1
2
+1
2
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?