මෙරට සිට මීට මාස දෙකකට පමණ පෙර ඊශ්‍රායලයේ ඉදිකිරීම් සේවා සඳහා රැකියවක් සඳහා පැමිණි 38 හැවිරිදි ලාංකීය තරුණයෙක් ඊශ්‍රායලයේදී ඝාතනය වී තිබෙනවා.
එරට තුළ වෙසෙන අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයෙක් විසින් මෙම ඝාතනයක් සිදු කර ඇති බවට මෙරට ඊශ්‍රායල් තානාපති නිමල් බණ්ඩාර සමාජ මාධ්‍ය වෙත සටහනක් තබමින් පවසනවා.
මෙම ඝාතනය වාර්තා වී ඇත්තේ ඊයේ (13) දිනයේ රාත්‍රියේ වන අතර ගෙල කපා දැමීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට තොරතුරු අනාවරණය වනවා.
ඊශ්‍රායල් පොලිසියේ ඉන්ටෙර්පොල් ශාඛාව මගින් අදාල සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශනය සිදු කරමින් පවතින අතර ඝාතනයට ලක් වූ පුද්ගලයා ශ්‍රී ලංකා රජය මඟින් ලැබුණු ඇබෑර්තු මත ඊශ්‍රායලයට පැමිණි අයෙක්.





