සටන් විරාමය කඩකළ ඉරාන මිසයිල ප්‍රහාරයට ඊශ්‍රායලය ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඒ ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කරමින්.
මේ බව ඊශ්‍රායල අග්‍රාමාතය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ දුරකථන සංවාදයකින් පසු තවදුරටත් ප්‍රහාර එල්ල නොකරන බව ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් “ක්‍රියාත්මක” බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ප්‍රකාශ කර සිටියදීත්, ඔහු මැදිහත් වූ ගිවිසුම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය කෙරෙහි දැඩි කලකිරීමකින් පසුවන බව ද සඳහන් කර තිබෙනවා.
ට්‍රම්ප් සමඟ කතා කිරීමෙන් පසු ඉරානයට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කිරීම නතර කළ බවයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය පැවසුවේ.





