ඊශ්‍රායලය දකුණු ලෙබනන් වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි

වහාම තමන් ජීවත් වන ප්‍රදේශවලින් ඉවත් වීමට කටයුතු කරන ලෙස ඊශ්‍රායලය දකුණු ලෙබනන් වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ; බේරූට් හි සිටින ඉරාන පිටුබලය ලබන සන්නද්ධ කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානයේ ප්‍රතිප්‍රහාර හමුවේ ව්‍යසනය වීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් නගර 20කට අධික ප්‍රමාණයකට ඉන් ඉවත් වන ලෙසට ඊශ්‍රායලය දැනුම්දී ඇති බවයි.

අද (03) දහවල් මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා.

හිස්බුල්ලා සංවිධානය තවදුරටත් දුර්වල කිරීමට සැලසුම් කර ඇති බැවින් ඊශ්‍රායලය ඉල්ලා ඇත්තේ වහාම එම ප්‍රදේශවලින් ඉවත් ව සිය මෙහෙයුම්වලට ඉඩදෙන ලෙසටයි.

දකුණු ලෙබනනයේ පළාත් අගනුවර වන නබාතියා නගරයෙන් ද ජනතාවට ඉවත් වන ලෙසට දැනුම්දී තිබෙනවා.

වසරකට ආසන්න කාලයක් ගාසා තීරයේ හමාස් සමඟ සටන් කරන ඊශ්‍රායලය, සති දෙකක දැඩි ගුවන් ප්‍රහාරවලින් පසු දකුණු ලෙබනනයට සිය හමුදා යැවූ අතර, එක්සත් ජනපදය හා ඉරානය තුළ යුද ගැටුමක් ඇතිවීමේ ජාත්‍යන්තර අවදානමක් ඇති ගැටුමක ආතතීන්
පවා උත්සන්න කළා.

හිස්බුල්ලා බලකොටුවක් ලෙස සැලකෙන බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශයේ අද පිපිරුම් තුනක් ඇති වීම ඊශ්‍රායලයේ මෙම තීරණයට හේතුවයි.

දකුණු ලෙබනන් ගම්මානයකට අනවසරයෙන් ඇතුළු වූ ඊශ්‍රායල හමුදාවන්ට එරෙහිව වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍යයක් පුපුරුවා හරින ලද බවයි හිස්බුල්ලා ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?