ඊශ්‍රායලය දකුණු ලෙබනන් වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි

වහාම තමන් ජීවත් වන ප්‍රදේශවලින් ඉවත් වීමට කටයුතු කරන ලෙස ඊශ්‍රායලය දකුණු ලෙබනන් වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ; බේරූට් හි සිටින ඉරාන පිටුබලය ලබන සන්නද්ධ කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානයේ ප්‍රතිප්‍රහාර හමුවේ ව්‍යසනය වීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් නගර 20කට අධික ප්‍රමාණයකට ඉන් ඉවත් වන ලෙසට ඊශ්‍රායලය දැනුම්දී ඇති බවයි.

අද (03) දහවල් මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා.

හිස්බුල්ලා සංවිධානය තවදුරටත් දුර්වල කිරීමට සැලසුම් කර ඇති බැවින් ඊශ්‍රායලය ඉල්ලා ඇත්තේ වහාම එම ප්‍රදේශවලින් ඉවත් ව සිය මෙහෙයුම්වලට ඉඩදෙන ලෙසටයි.

දකුණු ලෙබනනයේ පළාත් අගනුවර වන නබාතියා නගරයෙන් ද ජනතාවට ඉවත් වන ලෙසට දැනුම්දී තිබෙනවා.

වසරකට ආසන්න කාලයක් ගාසා තීරයේ හමාස් සමඟ සටන් කරන ඊශ්‍රායලය, සති දෙකක දැඩි ගුවන් ප්‍රහාරවලින් පසු දකුණු ලෙබනනයට සිය හමුදා යැවූ අතර, එක්සත් ජනපදය හා ඉරානය තුළ යුද ගැටුමක් ඇතිවීමේ ජාත්‍යන්තර අවදානමක් ඇති ගැටුමක ආතතීන්
පවා උත්සන්න කළා.

හිස්බුල්ලා බලකොටුවක් ලෙස සැලකෙන බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශයේ අද පිපිරුම් තුනක් ඇති වීම ඊශ්‍රායලයේ මෙම තීරණයට හේතුවයි.

දකුණු ලෙබනන් ගම්මානයකට අනවසරයෙන් ඇතුළු වූ ඊශ්‍රායල හමුදාවන්ට එරෙහිව වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍යයක් පුපුරුවා හරින ලද බවයි හිස්බුල්ලා ප්‍රකාශ කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14