ඊලෝන් මස්ක්ගෙන් ලංකාවටම ඉන්ටර්නෙට් ගන්න සැලස්මක්

ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් වැනි ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගේ ආයෝජන කැඳවා ගැනීමට හැකි වුවහොත් එය මෙරට ආර්ථීකයේ සංවර්ධනයට විශාල දායකත්වයක් වන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන පවසනවා.

“Starlink” වැනි ව්‍යාපෘතියකට සම්බන්ධ වීම හරහා මෙරට අන්තර්ජාල පහසුකම දුර්වල ප්‍රදේශවලට ද ගැටළුවකින් තොරව අන්තර්ජාල පහසුකම් ලබාදීමට හැකිවන බවත්, එය සංචාරක කර්මාන්තය ඇතුළු ආර්ථිකයට වැඩදායී ක්ෂේත්‍ර රැසක වර්ධනයට රුකුලක් වන බවත් ඔහු පෙන්වා දෙනවා.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මේ බව සඳහන් කර සිටියේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජේවර්ධන,

10 වන ලෝක ජල සමුළුව “World Water Forum” පසුගිය 18 වනදා සිට 20 වනදා දක්වා ඉන්දුනීසියාවේ බාලි දූපතේ දී පැවැත්වුණා. ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතාගේ නිල ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිසක් ඊට සහභාගී වුණා. එම සංචාරයේ දී ජනාධිපතිවරයා සහ ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් මහතා අතර විශේෂ හමුවක් පැවැත්වුණා.
එහිදී “Starlink” ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එම ව්‍යාපෘතිය ලංකාවේ ආරම්භ කිරීමට නම් ඒ සඳහා ජනාධිපතිවරයාගේ සහාය අවශ්‍ය බව එහිදී ඊලෝන් මස්ක් මහතා පැවසුවා.එවැනි ව්‍යාපෘතියක් ලංකාවේ ආරම්භ කිරීමට අවශ්‍ය උපරිම සහාය ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කළා.
එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මෙම වසර අවසානයේ දී ලංකාවට පැමිණෙන බව ද ඊලෝන් මස්ක් මහතා සඳහන් කළා. සැබැවින්ම ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් වැනි ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගේ ආයෝජන කැඳවා ගැනීමට හැකි වුවහොත් එමඟින් මෙරට ආර්ථීක සංවර්ධනයට විශාල දායකත්වයක් ලැබෙනවා.එවැනි ව්‍යාපෘතියක් මෙරට ආරම්භ කිරීම තුළින් මුළු ලෝකයටම ශ්‍රී ලංකාව විවෘත වන බවට පණිවිඩයක් නිකුත් වෙනවා. එමඟින් ලෝකයේ සිටින කෝටිපති ව්‍යාපාරිකයන් මෙරටට පැමිණීමේ ඉඩක් සැලසෙන බව ද සඳහන් කළ යුතුයි.
ඒ, වගේම “Starlink” වැනි ව්‍යාපෘතියකට සම්බන්ධ වීම හරහා මෙරට අන්තර්ජාල පහසුකම දුර්වල ප්‍රදේශවලට ද ගැටළුවකින් තොරව අන්තර්ජාල පහසුකම් ලබාදීමට හැකිවනවා. එය සංචාරක කර්මාන්තය ඇතුළු ආර්ථිකයට වැඩදායී ක්ෂේත්‍ර රැසක වර්ධනයට රැකුලක් වන බව ද සඳහන් කළ යුතුයි. එමෙන්ම පාසැල් සිසුන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද පහසු ගෙවීමේ ක්‍රම යටතේ අන්තර්ජාල පහසුකම ලබාදීම පිළිබඳව ද ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. එමෙන්ම ඉදිරියේ දී SpaceX සමඟ ද සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා සඳහන් කළා.
“Starlink” ව්‍යාපෘතිය මේ වන විට ලෝකයේ රටවල් 99කට පමණ ව්‍යාප්තව තිබෙනවා. මාලදිවයින සහ ඉන්දුනීසියාව වැනි රටවල් ද මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.විදෙස් ආයෝජනයක් මෙරටට පැමිණෙන විට ඊට විරෝධය පළකිරීම ලංකා දේශපාලනයේ පුරුද්දක් වී තිබෙනවා. යම් අයෙකු යම් කාර්යයක් සාර්ථකව සිදුකරන විට ඊට අකුල් හෙළීමත්, කකුලෙන් ඇදීමත් දේශපාලනයේ දී නිතර සිදු වනවා. නමුත් මෙවැනි ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ආයෝජකයන් ලෙස මෙරටට කැඳවීමට ජනතාව විරුද්ධ නොවන බව මම විශ්වාස කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27