AFC Banner
AFC Banner
Empty Ad

දුප්පතාගේ ඡන්දයෙන් බැබලෙන, ජනතාවගේ දුක, වේදනාව නොහදුනන රටේ සියළුම මැති ඇමතිවරුන්ගේ නිවෙස් වැටලීමේ සූදානමක්..?

ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා.
ඒත් සමගම තවත් බොහෝ ප්‍රදේශවල උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගේද නිවස පිරිසක් වටලා ඇති බවද වාර්තා වුණා.

කෙසේ වෙතත් තවත් බොහෝ ඇමතිවරුන්ගේ නිවෙස් වැටලීමේ අවස්ථා තිබූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගොස් සුරසැප විදිනා ඇමතිවරුන් සියළු දෙනාම අහිංසක මිනිසුන් රැවටීම පමණක් සිදුකළ බවයි ජනතාව පවසන්නේ.

ඔවුන් මිනිසාට ගරු කළ යුතු බවත් ඡන්ද අයිතියට බය වියයුතු බවත් ඔවුන්ගේ මතය වී තිබෙනවා.

කලක පටන් මැතිඇමතිවරුන් ජනතාවට බොරු පවසා මුලා කිරීම සිදුවුණි.

මේ සියල්ල දරාගත නොහැකි තැන මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනයා පාරට පැමිණ උද්ඝෝෂණයේ නිරතවන අයුරු දැකගන්නට ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
206
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?