ඊයේ පැවති උත්සවයට එජාපයේ පිරිසක් නොපැමිණීමට හේතුව

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය වැඩ භාර ගැනීමෙන් පසු එහි පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව ඉදිරි සති දෙක තුළ රැස්වීමට නියමිතයි.

ඒ, ඉදිරි වැඩපිළිවෙල සහ ප්‍රතිපත්ති සැලසුම් සම්පාදනය සඳහායි.

ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, භාණ්ඩාගාරික එම්.එස්.එම්. මිස්බා සිය ධුරවල වැඩ භාරගත්තා.

මෙම අවස්ථාවට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන ගාමිණී ජයවික්‍රම පෙරේරා, දයා ගමගේ, සාගල රත්නායක, නවීන් දිසානායක, අර්ජුණ රණතුංග ඇතුළු ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සහභාගි නොවූ බවට ද වාර්තා වුණා.

කෙසේ වෙතත්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සදහන් කළේ ඔවුන් නොපැමිණියේ පවතින සෞඛ්‍ය වාතාවරණය මත බවයි.

එමෙන්ම, පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කිරීම ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී සිදුවනු ඇති බව එම පක්ෂයේ නව මහලේකම් පාලිත රංගේ බණ්ඩාර අප කළ විමසීමකදී කියා සිටියා.

මේ අතර, ආණ්ඩු විරෝධී රැල්ලක් ගොඩනැගීමට සැවොම එක් වේදිකාවකට ආ යුතු බවත් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කරන බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ප්‍රකාශ කළා.

මහනුවර – පල්ලෙකැළේ ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34