ඉෂාක් බෙග් වෙනුවෙන් ජනපති අරමුදලින් මිලියනයක් (වීඩියෝ)

මේ වනවිට අසනීප තත්ත්වයෙන් පසුවන ගායන ශිල්පී ඉෂාක් බෙග් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් මිලියනයක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

ගායන ශිල්පී ඉෂාක් බෙග්ගේ කොළොන්නාවේ පිහිටි නිවසට අද (29) දහවල් පැමිණි සංස්කෘතික කටයුතු අමාත්‍ය හිමිදුම සුනිල් සෙනෙවී අමාත්‍යවරයා විසින් අදාළ මිලියනයක මුදල ලබාදීම සිදුකරනු ලැබුවා.

මෙම අවස්ථාවට ගායක ගායිකා සංගමයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.

ඉෂාක් බෙග් වෙනුවෙන් අරමුදල් එක්රැස් කිරීමට ගායක ගායිකා සංගමය විසින් ” ඉෂාක්ට කෝටියක්” ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවා.

එම සංගමය සඳහන් කළේ පරිත්‍යාගශීලීන්ගේ ලැබුණු පරිත්‍යාග අනුව මේ වනවිටත් අදාළ මුදල ඉක්මවා ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් ගායන ශිල්පී ඉෂාක් බෙග් වෙනුවෙන් අරමුදල් රැස් කිරීමට තවදුරටත් සිදුකරන බවයි ගායක ගායිකා සංගමය සඳහන් කළේ.

මේ අතර අද ගායක ගායිකා සංගමය විසින් හිමිදුම සුනිල් සෙනෙවී අමාත්‍යවරයාට, ජනාධිපතිවරයා වෙත යොමුකිරීමේ අරමුණින් විශේෂ ලිපියක් ද භාරදෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
7
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?