ඉෂාක් බෙග් වෙනුවෙන් ජනපති අරමුදලින් මිලියනයක් (වීඩියෝ)

මේ වනවිට අසනීප තත්ත්වයෙන් පසුවන ගායන ශිල්පී ඉෂාක් බෙග් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් මිලියනයක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

ගායන ශිල්පී ඉෂාක් බෙග්ගේ කොළොන්නාවේ පිහිටි නිවසට අද (29) දහවල් පැමිණි සංස්කෘතික කටයුතු අමාත්‍ය හිමිදුම සුනිල් සෙනෙවී අමාත්‍යවරයා විසින් අදාළ මිලියනයක මුදල ලබාදීම සිදුකරනු ලැබුවා.

මෙම අවස්ථාවට ගායක ගායිකා සංගමයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.

ඉෂාක් බෙග් වෙනුවෙන් අරමුදල් එක්රැස් කිරීමට ගායක ගායිකා සංගමය විසින් ” ඉෂාක්ට කෝටියක්” ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවා.

එම සංගමය සඳහන් කළේ පරිත්‍යාගශීලීන්ගේ ලැබුණු පරිත්‍යාග අනුව මේ වනවිටත් අදාළ මුදල ඉක්මවා ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් ගායන ශිල්පී ඉෂාක් බෙග් වෙනුවෙන් අරමුදල් රැස් කිරීමට තවදුරටත් සිදුකරන බවයි ගායක ගායිකා සංගමය සඳහන් කළේ.

මේ අතර අද ගායක ගායිකා සංගමය විසින් හිමිදුම සුනිල් සෙනෙවී අමාත්‍යවරයාට, ජනාධිපතිවරයා වෙත යොමුකිරීමේ අරමුණින් විශේෂ ලිපියක් ද භාරදෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36