ලොව ධනවත්ම පුද්ගලයින් අතර පෙරමුණේ රැඳී සිටි 74 හැවිදිරි බර්නාඩ් ආර්නෝල් අභිබවමින් ඉලෝන් මස්ක් නැවතත් ලොව ධනවත්ම පුද්ගලයින් අතර පෙරමුණට පැමිණ තිබෙනවා.
මේ පිලිබඳ බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉලෝන් මස්ක් යළිත් ධනවතුන් අතර පෙරමුණට පැමිණියේ, පසුගිය අප්‍රේල් මාසයේදී බර්නාඩ් ආර්නෝල්ගේ සමාගමක කොටස් 10% කින් පමණ පහත වැටීමත් සමගයි.
බර්නාඩ් ආර්නෝල්ට දිනක් තුළ සිදු වූ අලාභය අමෙරිකානු ඩොලර් බිලියන 11ක්.
වසරක් තුළ ලොව ධනවත්ම පුද්ගලයින් අතර පළමු තැන වරින් වර ඉලෝන් මස්ක් සහ බර්නාඩ් ආර්නෝල් අතර දෝලනය විය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1
2




