ඉලංගෙයි තමිල් අරසු යාපනය මහ නගර සභාවේ බලය අල්ලයි

යාපනය මහ නගර සභාවේ බලය පිහිටුවීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට හැකිව තිබෙනවා.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් එම්.ඒ සුමන්තිරන් පැවසුවේ පක්ෂයෙන් යාපනය මහනගර සභාවේ නගරාධිපතිනිය ලෙස විවේකානන්දරාජා මදිවදනි තේරී පත් වූ බවයි.

නගරාධිපති ධුරය සඳහා පැවති ජන්දයේ දී ඇයට ඡන්ද 19ක් ලැබී තිබූ අතර, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ඊ.පී.ඩී.පී. පක්ෂවල ද සහාය ඇයට හිමිව තිබෙනවා.

මේ අතර ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?