ඉර කුමාරයා අද තරගයට

අයි.පී.එල්. තරගාවලියේ තවත් තරගයක් මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර අද (07) පස්වරුවේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දු යැවීමට දිල්ලි කැපිටල්ස් නායකයා තීරණය කළා.

මේ අතර සුපිරි පිතිකරු සූරියකුමාර් යාදෙව් අද තරගය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක්ව තිබෙනවා.

වළලුකරේ සැත්කමෙන් පසු සුවය ලබමින් සිටි ඔහුට මෙවර තරගාවලියේ මුල් තරග කිහිපයම අහිමි වී ගියා.

මේ අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ මේ දක්වා තරග තුනකට ක්‍රීඩා කර ඇති අතර, එම තරග තුනම පරාජයට පත්ව ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?