ඉරාන ගැටුම තවමත් අවසන් වී නැහැ – ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්

ටෙහෙරානයේ සිට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර බිම හෙළීමෙන් පසු ඉරාන ගැටුම තවමත් අවසන් වී නැති බව ඊශ්‍රායලය පවසනවා.

ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේ ඊශ්‍රායලයට එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් එක් දැරියක් තුවාල ලබා ඇති බව ඊශ්‍රායලය සඳහන් කළා.

මෙලෙස තුවාල ලැබූ දැරියගේ හිසේ ඇති වූ විශාල තුවාලයක් සඳහා ශල්‍යකර්මයක් සිදුකර ඇති බවයි ඊශ්‍රායලය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊශ්‍රායල මිසයිල ආරක්ෂක පද්ධතිය විසින් විනාශ කළ මිසයිලයක කැබලි ඇගේ නිවස මතට වැටීමෙන් ඇය තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

දැරිය මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටින බවයි ඊශ්‍රායල මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ලුතිනන් කර්නල් පීටර් ලර්නර් පවසන්නේ පුපුරණ සුලු ඩ්‍රෝන යානා 170ක්, කෲස් මිසයිල 30ක්, බැලස්ටික් මිසයිල 120ක් පමණ ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කර ඇති බවයි.

මේ අතර ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසා ඇත්තේ ඇමෙරිකානු හමුදාව ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන යානා දුසිම් ගණනක් විනාශ කළ බවයි.

එක්සත් රාජධානියේ ප්‍රහාරක ගුවන් යානා ද මේ සඳහා සම්බන්ධ වී ඇති අතර, ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ ගුවන් අවකාශයේ මුර සංචාරයේ යෙදීමෙන් ප්‍රංශය ද දායක වූ බවයි.

තම ගුවන් අවකාශයට ඇතුළු වූ වස්තූන් තමන් විසින් විනාශ කර දැමූ බවයි මේ අතර ජෝර්දානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

මේ අතර ඉරානය ඊශ්‍රායලට එල්ල කළ ප්‍රහාරයට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිචාරයක් සම්බන්ධීකරණය කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් G7 නායකයින්ගේ රැස්වීමක් කැඳවීමේ සූදානමක් ද පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
4
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?