ඉරාන ගැටුම තවමත් අවසන් වී නැහැ – ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්

ටෙහෙරානයේ සිට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර බිම හෙළීමෙන් පසු ඉරාන ගැටුම තවමත් අවසන් වී නැති බව ඊශ්‍රායලය පවසනවා.

ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේ ඊශ්‍රායලයට එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් එක් දැරියක් තුවාල ලබා ඇති බව ඊශ්‍රායලය සඳහන් කළා.

මෙලෙස තුවාල ලැබූ දැරියගේ හිසේ ඇති වූ විශාල තුවාලයක් සඳහා ශල්‍යකර්මයක් සිදුකර ඇති බවයි ඊශ්‍රායලය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊශ්‍රායල මිසයිල ආරක්ෂක පද්ධතිය විසින් විනාශ කළ මිසයිලයක කැබලි ඇගේ නිවස මතට වැටීමෙන් ඇය තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

දැරිය මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටින බවයි ඊශ්‍රායල මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ලුතිනන් කර්නල් පීටර් ලර්නර් පවසන්නේ පුපුරණ සුලු ඩ්‍රෝන යානා 170ක්, කෲස් මිසයිල 30ක්, බැලස්ටික් මිසයිල 120ක් පමණ ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කර ඇති බවයි.

මේ අතර ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසා ඇත්තේ ඇමෙරිකානු හමුදාව ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන යානා දුසිම් ගණනක් විනාශ කළ බවයි.

එක්සත් රාජධානියේ ප්‍රහාරක ගුවන් යානා ද මේ සඳහා සම්බන්ධ වී ඇති අතර, ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ ගුවන් අවකාශයේ මුර සංචාරයේ යෙදීමෙන් ප්‍රංශය ද දායක වූ බවයි.

තම ගුවන් අවකාශයට ඇතුළු වූ වස්තූන් තමන් විසින් විනාශ කර දැමූ බවයි මේ අතර ජෝර්දානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

මේ අතර ඉරානය ඊශ්‍රායලට එල්ල කළ ප්‍රහාරයට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිචාරයක් සම්බන්ධීකරණය කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් G7 නායකයින්ගේ රැස්වීමක් කැඳවීමේ සූදානමක් ද පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14