ඉරාන වරායේ පිපිරීමෙන් සිදුවූ මරණ ගණන තවත් ඉහළට – තුවාලකරුවන් 800ක්

දකුණු ඉරානයේ ප්‍රධාන වාණිජ වරාය වන ෂාහිඩ් රාජී හි සිදුවූ පිපිරීමෙන් ජීවිත අහිමි වූ සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද 800ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එරට වේලාවෙන් ඊයේ (26) උදෑසන සිදු වූ මෙම පිපිරීමේ බලපෑම කිලෝමීටර 50ක් පමණ දුරකට දැනී තිබෙනවා.

මේ අතර කලාපයේ පාසල් සහ කාර්යාල අද දිනයේ වසා දැමීමට නියෝග කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඉරාන බැලස්ටික් මිසයිලවල භාවිත කිරීමට අදහස් කරන ඝන ඉන්ධන තොගයක් අනිසි ලෙස හැසිරවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම පිපිරීමත් සමඟ හටගත් ගින්නට හේතු වූ ඇති බවයි ගෝලීය සමුද්‍රීය අවදානම් කළමනාකරණය ආයතනය පවසන්නේ.

ඉරාන ධජය සහිත නෞකාවක් පසුගිය මාර්තු මාසයේ මෙම වරායේදී සෝඩියම් පර්ක්ලෝරේට් රොකට් ඉන්ධන තොගයක් මුදාහැරිය බව තමන් දැන සිටි බවයි ගෝලීය සමුද්‍රීය අවදානම් කළමනාකරණය ආයතනය සඳහන් කළේ.

ෂාහිඩ් රාජී වරාය ඉරානයේ විශාලතම සහ වඩාත්ම දියුණු පර්යන්තය වන අතර එමඟින් රටේ වාණිජ නැව්ගත කිරීම් බොහොමයක් සිදු කෙරෙනවා.

එය තෙල් භාණ්ඩ ප්‍රවාහනය සඳහා ප්‍රධාන නැව් මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ පිහිටා ඇති අතර, එය දකුණු වෙරළ තීරයේ ඉරානයේ ප්‍රධාන වරාය නගරය වන බන්ඩාර් අබ්බාස් සිට කිලෝමීටර් 20ක් පමණ බටහිරින් පිහිටා ඇති අතර ඉරාන නාවික හමුදාවේ ප්‍රධාන කඳවුර පිහිටා ඇත්තේ මෙම වරාය තුළයි.

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් මෙම අනතුරින් විපතට පත්වූවන් සඳහා ඔහුගේ ” කණගාටුව ප්‍රකාශ කළ අතර, ඔහු රජයේ පරීක්ෂණයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එයට නායකත්වය දීම සඳහා අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා කලාපයට යවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52
Video thumbnail
ශානිගේ සියළු චිත්‍රපටි Fail..පොඩි ආතල් එකක් ගන්න ඔයා..අනුර දකින හීනය දවල් හීනයක් විතරයි
04:14
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40