AFC Banner
AFC Banner
Empty Ad

ඉමිටේෂන් බඩු රත්‍රං බඩු යැයි පෙන්වා කෝටි ගණනින් මුදල් ගැරූ මූල්‍ය සමාගමක ලොක්කෙකුට වැඩ වරදියි

ඉමිටේෂන් භාණ්ඩ; රන් භාණ්ඩ ලෙස පෙන්වා රුපියල් එක් කෝටි අසූහත් ලක්ෂ හැත්තෑපන් දහසකට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන මූල්‍ය සමාගමක උකස් අංශ ප්‍රධානියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කළුතර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින්.

බෙන්තර ප්‍රදේශයේ පදිංචි 29 හැව්රිදි මෙම සැකකරුව අගතියට පත් මූල්‍ය සමාගමේ කළමනාකාරීත්වය විසින් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් මතයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු තවත් කාන්තාවක සමග උකස් අංශයේ රාජකාරි කර ඇති බවත්, ඇය නොමැති අවස්ථාවල දී එහි සවිකර ඇති ආරක්ෂක කැමරාව ද ආවරණය කරමින් සේප්පුව විවර කර වංචාව සිදුකර ඇති බවත් හෙළි ව තිබෙනවා.

රන්භාණ්ඩ උකස් කළ බවට පෙන්වීමට එයට සමාන බරකින් යුත් ඉමිටේෂන් භාණ්ඩ දමා ලදුපත් මගින් රුපියල් ලක්ෂ ගණනින් කලක පටන් මුදල් ලබාගෙන ඒවා විගණක පරීක්ෂණවලට ද හසුනොවන පරිදි පරිගණක දත්ත පද්ධතියට ඇතුළත් කර තිබූ බවට ද හෙළි ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?