ඉමිටේෂන් බඩු රත්‍රං බඩු යැයි පෙන්වා කෝටි ගණනින් මුදල් ගැරූ මූල්‍ය සමාගමක ලොක්කෙකුට වැඩ වරදියි

ඉමිටේෂන් භාණ්ඩ; රන් භාණ්ඩ ලෙස පෙන්වා රුපියල් එක් කෝටි අසූහත් ලක්ෂ හැත්තෑපන් දහසකට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන මූල්‍ය සමාගමක උකස් අංශ ප්‍රධානියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කළුතර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින්.

බෙන්තර ප්‍රදේශයේ පදිංචි 29 හැව්රිදි මෙම සැකකරුව අගතියට පත් මූල්‍ය සමාගමේ කළමනාකාරීත්වය විසින් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් මතයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු තවත් කාන්තාවක සමග උකස් අංශයේ රාජකාරි කර ඇති බවත්, ඇය නොමැති අවස්ථාවල දී එහි සවිකර ඇති ආරක්ෂක කැමරාව ද ආවරණය කරමින් සේප්පුව විවර කර වංචාව සිදුකර ඇති බවත් හෙළි ව තිබෙනවා.

රන්භාණ්ඩ උකස් කළ බවට පෙන්වීමට එයට සමාන බරකින් යුත් ඉමිටේෂන් භාණ්ඩ දමා ලදුපත් මගින් රුපියල් ලක්ෂ ගණනින් කලක පටන් මුදල් ලබාගෙන ඒවා විගණක පරීක්ෂණවලට ද හසුනොවන පරිදි පරිගණක දත්ත පද්ධතියට ඇතුළත් කර තිබූ බවට ද හෙළි ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37