ඉපලෝගම ඉන්ධන පිරවුහලේ අයිතිකරුගේ නිවස ගිනිතබයි…

අනුරාධපුර ඉපලෝගම අයි.ඕ.සී ඉන්ධන පිරවුහලේ හිමිකරුගේ , ඉපලෝගම කරඹෑවෙ පිහිටි දෙමහල් නිවසට, කිසියම් පුද්ගයන් පිරිසක් මගින් ඊයේ (21) රාත්‍රියේ පෙට්‍රල් බෝම්බ යොදාගනිමින් ගිනි තබා තිබෙනවා.

ගින්නෙන් ඔහුගේ දෙමහල් නිවසේ උඩු මහල සම්පුර්ණයෙන් විනශා වී තිබෙන අතර, ගින්න ඇති වන අවස්තාවේ නිවසේ සිට ඇත්තේ ඔහුගේ බිරිද , දියණිය හා පුතා පමනි. දියණිය මෙවර අ/ පො/ස උසස්පෙලට විභාගයට පෙනිසිටීමට නියමිත අතර ඇයගේ සියලු පොත් පත් හා උපකරණ සියල්ල ගින්නෙන් විනශ වී තිබෙනවා. සිදුවීම සම්බන්ධයෙන් ඉපලෝගම පොලීසිය කණ්ඩායම කිහිපයක් මගින් විමර්ශන ආරම්භය කර තිබෙනවා. මෙතෙක් කිසිවකු අත් අඩංගුවට ගෙන නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?