AFC Banner
AFC Banner
Empty Ad

ඉන්ධන මිල සූත්‍රය ගැන තීරණ ගැනීම ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශයට පැවරීමේ සූදානමක්

ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් තීරණය ගැනීමට ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශයට භාරදීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ලබන 15 වනදා වනවිට මෙම තීරණය ගන්නා බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර පෙට්‍රල් සහ සුපර් ඩීසල් අලෙවියෙන් සංස්ථාව මේ වනවිට ලාභයක් උපයන බව අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම ඩීසල් සහ භූමිතෙල් පිරිවැය හා සමාන මුදලකට අලෙවි සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?