ඉන්ධන මිල වැඩි වුණාට බස් ගාස්තුවේ වෙනසක් නැහැ – ඒකාබද්ධ ප්‍රවාහන සංගමය

මාසිකව සිදුවන ඉන්ධන ගාස්තු සංශෝධනය දෙසැම්බර් 31 වැනිදා සිදු නොවූ අතර ඒ අනුව එම මාසික ඉන්ධන ගාස්තු සංශෝධනය ඊයේ රාත්‍රියේ සිදුවුණා.

ඒ අනුව එම මිල සූත්‍රයට ඩීසල් ලීටරයක මිල රුපියල් දෙකකින් ඉහළ ගොස් තිබුණා.

කෙසේ වෙතත් ඒකාබද්ධ ප්‍රවාහන සංගමයේ සභාපති සම්පත් රණසිංහ සඳහන් කළේ ඉන්ධන ගාස්තුව ඉහළ යාමක් සිදු නොවන බවයි.

ඉන්ධන මිල සංශෝධනයට අනුව සිදුවන බස් ගාස්තු සංශෝධන මිල සුත්‍රයට අනුව මෙවර බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු නිවන බව ඔහු සඳහන් කළා.

ජනතාව ආපදා නිසාවෙන් පීඩාවට පත්ව ඇති බවත් එවැනි තත්ත්ව මත මෙවර බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවට එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?