AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන මිල වැඩි කිරීම ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

ඉන්ධන මිල ගණන් වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිලිවෙලක එක් ප්‍රධාන සාධකයක් පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

එය රටේ බැංකු පද්ධතිය ශක්තිමත් කර අඩු පොලී අනුපාත පවත්වා ගැනීමටත්, විදේශ විනිමය වියදම් අඩුකර විනිමය අනුපාත ශක්තිමත් කර ගැනීමටත්, සෞඛ්‍ය හා සුබසාධනය සුරක්ෂිත කර ගැනීමටත්, ආනයන මත රඳා පවතින පරිභෝජන ආර්ථිකය දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන සහ පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමටත් ගත් තීරණයක් බව එහි සඳහන්.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යවරයා සහ විෂය භාර ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුවේදී අවධානය යොමු වූ බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?