ඉන්ධන මිල ඉහළ දමන බවට ඇමති බන්දුල ඉඟියක් දෙයි

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ඉන්ධන මිල ගැලපුමක් කරන්නට සිදු වන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (ඔක්.12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී තෙල් මිල සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, එසේ මිල ගැලපුමක් සිදු කරන්නේ කවදා ද යන්න පිළිබඳව මුදල් අමාත්‍යංශය සමග සහ එහි අනෙක් ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා කරනු ඇති බවය.

“අපි කැමති වුණත් අකමැති වුණත් අපේ රටේ නිෂ්පාදනය කරන්නැති භාණ්ඩයක් වුණත් ලෝකයේ පවතින මිලට ගන්න සිද්ධ වෙනවා. ඛනිජ තෙල් ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නැහැ. ලෝක වෙළෙඳ පොළේ 100 පනිනවා හෙට අනිද්දා තෙල් බැරලයක මිල. ඒ නිසා ඛනිජ තෙල් මිල වැඩි වෙනවා, ගැස් මිල වැඩි වෙනවා, කිරිපිටි මිල වැඩි වෙනවා, පරිප්පු මිල වැඩි වෙනවා.”

මෙහිදී ඔහු සඳහන් කළේ, ලෝකයේ සෑම විට ම වසංගතයෙන් පසු සාගතයක් පැමිණ ඇති බවය.

“අවාසනාවකට ලෝකයේ අනෙක් රටවල තියෙන මිල පිළිබඳව අපි කියන්නේ නැහැ. ලෝකයේ අනෙක් හැම රටක ම ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, භූතානය මේ හැම රටක ම මේ අත්‍යවශ්‍ය සේවාවල මිල අපේ රටේ මිලට වඩා වැඩියි. ඒ නිසා අපි ඉතා ම අකමැත්තෙන් තමයි මේ ලෝක අභියෝගයට මුහුණ දීම සඳහා මිල ඉහළ නංවන්නේ. ඛනිජ තෙල් ඇමතිතුමාට කරන්න බැහැ ලෝකයේ වැඩි මිලට ගෙනල්ලා අඩු මිලට ඛනිජ තෙල් දෙන්න ක්‍රමයක් නැහැ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?