ඉන්ධන පිරවුම්හල්වලින් කැන්වලට ගන්නා ඉන්ධන ග්රාමිය ප්රදේශවලට රැගෙන ගොස් වැඩිමිලට අලෙවි කරන බව බොහෝ පිරිස් පවති.
දඹුල්ල නගරයේ ඉන්ධන පිරවුම්හල් රැසක වාහනවලට සහ කෑන් වලට ඉන්ධන ලබා දීම සීමාකොට විශාල බැරල්වලට ඉන්ධන දෙන බව ජනතාව චෝදනා කරති.
එම ඉන්ධන ග්රාමිය ප්රදේශවලට රැගෙන ගොස් වැඩි මිලට අලෙවි කරයි.
මේ සම්බන්ධයෙන් ඉන්ධන පිරවුම්හලේ කළමනාකරුවන් සඳහන් කළේ වෙනත් දිනවල එක දවසකට ඉන්ධන බව්සර් එකක් හෝ දෙකක් අලෙවි වුවත් මේ දිනවලට වැඩි ප්රමාණයක් අලෙවි වීම මෙම ඉන්ධන අර්බුදයට මුල බවයි.
යන්ත්රසූත්රවලට බව පවසමින් විශාල බැරල්වලට ඉන්ධන රැගෙන යන අයුරු දැක ගත හැකි විය.
කෙසේ වෙතත් බොහෝ දෙනා සඳහන් කළේ ග්රාමීය ප්රදේශවලට රැගෙන ගොස් සහ මාර්ගයට රැගෙන ගොස් වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමේ ක්රමවේදයක් රට තුළ ක්රියාත්මක වන බව ය.




