ඩීසල් හා පෙට්‍රල් පුරවා ගත් ඉන්ධන බවුසරයක් කොලොන්නාව ප්‍රදේශයේ සිට මඩකලපුව බලා ධාවනය කරමින් තිබියදී මනම්පිටිය – ආච්චිබෝක්කුව ප්‍රදේශයේ දී අද (01) සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී සිදු වූ අනතුරකින් එහි තිබූ ඉන්ධන විශාල ප්‍රමාණයක් අසල වෙල් යායක ජලයට එක් වී තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අනතුරින් රියදුරු සහ රිය සහායක ද සුළු තුවාල ලබා ඇති බවයි.
පෙට්‍රල් ලීටර් 6600 ක් සහ ඩීසල් ලීටර් 6600ක් මෙම ඉන්ධන බවුසරයේ තිබී ඇති බවත් වාර්තා වනවා.
ඉන් විශාල ප්‍රමාණයක් වෙල්යායේ ජලයට මුසු වී ඇති බව ද පරීක්ෂණ සිදු කරන මනම්පිටිය පොලිසිය පැවසූ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
පැවති වර්ෂාපතනයත් සමඟ මෙම ඉන්ධන බවුසරය මාර්ගයේ දී ලිස්සා ගොස් තිබෙනවා.
ඉන්ධන බවුසරයෙන් හැලෙන ඩීසල් හා පෙට්‍රල් ප්‍රදේශවාසීන් ප්ලාස්ටික් බූලිවලට පුරවා ගැනීමට උත්සාහ ගත්ත ද මනම්පිටිය පොලිසිය ව්‍යර්ථ කෙරුණා.