ඉන්ධන බවුසරයක් පෙරළී පිරිසකට ගජ වාසියක් (ඡායාරූප)

කිලිනොච්චි – පුනරීන් මාර්ගයේ කුඩමුරිට්ටි ප්‍රදේශයේ දී අද (27) ඉන්ධන බවුසරයක් පෙරළීම අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මුතුරාජවෙල සිට කිලිනොච්චිය හරහා පුනරීන් මර්ගයේ කන්කසන්තුරෙයි දක්වා ඉන්ධන රැගෙන ගිය බවුසරයක්.

මෙම අනතුරින් රියදුරුට සුළු තුවාල සිදුව ඇති බවයි වාර්තා වුණේ.

රථය අනතුරට පත්වීමත් සමඟ එහි ගබඩා කර තිබූ ඉන්ධන විශාල ප්‍රමාණයක් ඉවතට ගොස් අවට විසිරී තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

එලෙස විසිරී ගොස් තිබූ ඉන්ධන එක්රැස් කර රැගෙන යාමට අවට ප්‍රදේශවාසීන් විසින් කටයුතු කර තිබූ බවයි වාර්තා වුණේ.

ඉන්ධන බවුසරය පෙරළීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර, රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?