AFC Banner
AFC Banner
Empty Ad

ඉන්ධන පෝලිම් නිසා ජනතාව දැඩි අපහසුතාවට (වීඩියෝ)

ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් මහජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමා රාජපක්ෂ මහතා පවසනවා.

ඉන්ධන බෙදුම්කරුවන්ගේ මාසික වට්ටම් මුදලින් සියයට 35 ක් මාසික පරිහරණ ගාස්තුවක් ලෙස අද සිට අයකර ගැනීමට ලංකා ඛනිජතෙල් සංස්ථාව ගත් තීරණයට එරෙහිව ඇති වූ විරෝධය හමුවේ ඔහු මේ බව සදහන් කළා.

මේ වනවිට ඉන්ධන බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස පවතින අතර, එහිදී ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් මහජනතාව කිසිදු බියක් ඇතිකර ගැනීම අවශ්‍ය නොවන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

මෙහිදී මහජනතාවට අවශ්‍ය තරම් ඉන්ධන තොග, සංස්ථාව සතුව පවතින බව මේ මහතා වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර, ඉන්ධන බෙදුම්කරුවන්ගේ මාසික වට්ටම් මුදලින් සියයට 35 ක් මාසික පරිහරණ ගාස්තුවක් ලෙස අද සිට අයකර ගැනීමට ලංකා ඛනිජතෙල් සංස්ථාව ගත් තීරණයට විරුද්ධව දැඩි පියවරක් ගන්නා බවට ඛණිජතෙල් සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් තර ඇති පසුබිමක විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් එම ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණා.

ඒ අනුව ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, රජයේ දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින්, සමූපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන අදාල සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය සේවාවන් බවට නියම කර තිබෙනවා.

සංස්ථාව විසින් මාසික පරිහරණ ගාස්තුව ලෙස , සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගෙන් දැනටමත් වට්ටම් මුදලින් සියයට 0.25 ක් අයකරන අතර සංස්ථාව මඟින් ඔවුන්ගේ සියලුම වියදම් හා ලාභ ප්‍රතිශතයක් එක් කර බෙදුම්කරුවන් වෙත දෙන ඉන්ධන, ඔවුන් ප්‍රකාශ කරන මුදලට විකුණා ලබන ලාභ ප්‍රතිශතයෙන් තවත් සියයට 2.75 ක කොටසක් ලබාගැනීමට උත්සාහ කිරීම හෙළා දකින බවයි ඛණිජතෙල් සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන්නේ මෙවන් පසුබිමක් තුළයි.

කෙසේ වෙතත් මහනුවර නගරයේ ඉන්ධන පිරවුම්හල් කිහිපයක අද (04) පෙරවරුවේ ඉන්ධන පෝලිම් කිහිපයක් දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
1
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?