ඉන්ධන පෝලිම් නිසා ජනතාව දැඩි අපහසුතාවට (වීඩියෝ)

ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් මහජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමා රාජපක්ෂ මහතා පවසනවා.

ඉන්ධන බෙදුම්කරුවන්ගේ මාසික වට්ටම් මුදලින් සියයට 35 ක් මාසික පරිහරණ ගාස්තුවක් ලෙස අද සිට අයකර ගැනීමට ලංකා ඛනිජතෙල් සංස්ථාව ගත් තීරණයට එරෙහිව ඇති වූ විරෝධය හමුවේ ඔහු මේ බව සදහන් කළා.

මේ වනවිට ඉන්ධන බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස පවතින අතර, එහිදී ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් මහජනතාව කිසිදු බියක් ඇතිකර ගැනීම අවශ්‍ය නොවන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

මෙහිදී මහජනතාවට අවශ්‍ය තරම් ඉන්ධන තොග, සංස්ථාව සතුව පවතින බව මේ මහතා වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර, ඉන්ධන බෙදුම්කරුවන්ගේ මාසික වට්ටම් මුදලින් සියයට 35 ක් මාසික පරිහරණ ගාස්තුවක් ලෙස අද සිට අයකර ගැනීමට ලංකා ඛනිජතෙල් සංස්ථාව ගත් තීරණයට විරුද්ධව දැඩි පියවරක් ගන්නා බවට ඛණිජතෙල් සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් තර ඇති පසුබිමක විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් එම ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණා.

ඒ අනුව ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, රජයේ දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින්, සමූපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන අදාල සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය සේවාවන් බවට නියම කර තිබෙනවා.

සංස්ථාව විසින් මාසික පරිහරණ ගාස්තුව ලෙස , සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගෙන් දැනටමත් වට්ටම් මුදලින් සියයට 0.25 ක් අයකරන අතර සංස්ථාව මඟින් ඔවුන්ගේ සියලුම වියදම් හා ලාභ ප්‍රතිශතයක් එක් කර බෙදුම්කරුවන් වෙත දෙන ඉන්ධන, ඔවුන් ප්‍රකාශ කරන මුදලට විකුණා ලබන ලාභ ප්‍රතිශතයෙන් තවත් සියයට 2.75 ක කොටසක් ලබාගැනීමට උත්සාහ කිරීම හෙළා දකින බවයි ඛණිජතෙල් සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන්නේ මෙවන් පසුබිමක් තුළයි.

කෙසේ වෙතත් මහනුවර නගරයේ ඉන්ධන පිරවුම්හල් කිහිපයක අද (04) පෙරවරුවේ ඉන්ධන පෝලිම් කිහිපයක් දක්නට ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14