spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන පොලිම් නිසා ජනතාව දින ගණනාවක් පිඩාවට (ඡායාරූප)

ගලෙන්බිදුණුවැව නගරයේ හා ගලෙන්බිදුණුවැව 19 කනුව සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් දෙකෙහිම දින තුනක සිට පෙට්‍රල් නොමැතිකම හේතුවෙන් කිලෝමීටර් 2 කට වැඩි පොලිම් දක්නට ලැබුණු අතර ගලෙන්බිදුණුවැව නගරයේ ඉන්ධන පිරවුම්හල වෙත 16 වෙනිදා ඉන්ධන ලිටර් 13200 ප්‍රමාණයක් ලැබුණු අතර ජනතාව බයික් ත්‍රිවිල් රථ හා බූලි රැගෙන දිගු පොලිම් වල සිටිනු දක්නට ලැබුනා.

ගලෙන්බිදුණුවැව 19 කනුව ඉන්ධන පිරවුම් හල වෙත තුන්වෙනි දිනටත් පෙට්‍රල් ලැබී තිබුනේ නැති බවයි අප වාර්තාකරැ සදහන් කළේ.

ජනතාව පවසා සිටියේ මේ වන විට තම ⁣වී ඇතුලු සියලු බෝග වගාවන් වල අස්වනු ලබා ගත නොහැකිව කර කියා ගත නොහැකි තත්වයක සිටියදී මෙලෙස දිගු පොලිම් වල රස්තියාදු වෙන්නට ගොවි ජනයාට කාලයක් නොමැති බවත් ⁣ඉදිරියේ පැමිණෙන සෑම මැතිවරනයකදිම ජනතාව අවශ්‍ය පියවර ගැනීමට පෙළ ගැසෙමින් සිටින බවත්ය.

දිගු පොලිම්වල සිටින ජනතාව ඉල්ලා සිටින්නේ මේ වනවිටත් සැම අංශයකින්ම දැඩි සේ පීඩාවට පත්ව ඇති බැවින් පොලිම් වලින් තොර යුගයක් අපෙක්ෂා කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?