ඉන්දීය ණය ආධාර යටතේ හෙට තවත් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කර සිටිනවා.
ඔහු කියා සිටියේ රට තුළ ඩීසල් සහ පෙට්ට්‍රල් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් පැවතියත් අවශ්‍ය තරම් පෙට්ට්‍රල් තොග සංස්ථාව සතුව පවතින බවයි.
කෙසේ වෙතත්, ඊයේත් ඩීසල් සහ පෙට්ට්‍රල් ලබාගැනීම සඳහා පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.













