ඉන්ධන නැවකට විශාල ප‍්‍රමාද ගාස්තුවක්… තවත් ඉන්ධන නැවක් ගන්න පුළුවන්ලු…

කොළඹ වරායට පැමිණි මෙටි‍්‍රක් ටොන් 40,000ක් පැරණි ඉන්ධන නෞකාව ගොඩබෑමට දින 13ක් ප්‍රමාදවීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 92ක් ගෙවීමට සිදුව ඇතැයි තෙල් සංස්ථාවේ කොලොන්නාව ඉන්ධන සමාගමේ සේවකයෝ සඳහන් කරති.

මෙතරම් මුදලක් ගෙවීමට සිදුවීම මහා අපරාධයක් බවත් ඉන්ධන සඳහා ඩොලර් මිලියන පනස් දෙකක් ගෙවීමට අමතරව ප්‍රමාද ගාස්තු වශයෙන් ඩොලර් මිලියන හතළිහක් ගෙවා ඇති බවත් ඉන් තවත් ඉන්ධන නැවක් ගෙන්වීමට හැකියාව තිබූ බවත් සේවකයන් කියා සිටිති.

ඉන්ධන නැව් ගොඩබෑම කඩිනම් නොකර ඒවා මුහුදේ රඳවා ගැනීමෙන් පමාද ගාස්තු විශාල ප්‍රමාණයක් ගෙවීම පසුපස ඉහළ නිලධාරීන්ට විශාල කොමිස් මුදලක් ලැබෙනු ඇතැයිද සේවකයන් මෙන්ම වෘත්තීය සමති ද කියා සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?