AFC Banner
AFC Banner
Empty Ad

ඉන්ධන ගැන කංචනගෙන් පණිවුඩයක්

‍කිසිඳු හිඟයකින් තොරව දිවයින පුරා පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට දිවයින පුරා සියලු පිරවුම්හල්වලට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග නිකුත් කර ඇති බවයි.

පසුගිය දින 10 තුළ පිරවුම්හල් සඳහා ඉන්ධන ඇණවුම් බෙදාහරින ලද ආකාරය පිළිබඳව වාර්තාවක් ද කංචන විජේසේකර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව දෛනිකව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුවන අතර දිවයිනේ සෑම පිරවුම්හලකම හිඟයකින් තොරව ඉන්ධන පවතින බව කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ තැබූ සටහන මගින් පෙන්වා දී තිබෙන්නේ.

Kanchana Wijesekara 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
1
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?