ඉන්ධන ගන්න බලන හිටිය අයට අසතුටුදායක පුවතක්

අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ අද උදෑසන පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 40,000 ක ඉන්ධන භාණ්ඩ ප්‍රවාහනය දින 1 කින් ප්‍රමාද වී ඇති බවයි. අද සහ හෙට දිවයින පුරා බෙදා හැරීමට නියමිත පෙට්‍රල් සීමිත ප්‍රමාණයක් බවයි ඔහු පවසන්නේ. ඔටෝ ඩීසල් දිවයින පුරා පූර්ණ ධාරිතාවයෙන් බෙදා හැරිම සිදුවේ.