Empty Ad
AFC Banner
Empty Ad

ඉන්ධන ඇති පිරවුම්හල් ගැන දැනගන්න අලුත් ඇප් එකක්

ඉන්ධන තොග පවතින පිරවුම්හල් පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා නව යෙදවුමක් ඉදිරියේ දී හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය පවසනවා.

මෙම යෙදවුම හරහා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ඉන්ධන තිබෙන පිරවුම්හල් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

දිනය තුළ ඉන්ධන පැමිණීමට නියමිතව ඇති පිරවුම්හල් පිළිබදව ද එම යෙදවුම මඟින් දැනගත හැකි බවයි එම ආයතනය සඳහන් කරන්නේ.

එමෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවලට විනෝද චාරිකා සඳහා ගමන් කිරීමේදී, එම ප්‍රදේශවල පිහිටි පිරවුම්හලකින් ඉන්ධන ලබාගත හැකි පරිදි නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිත බව ද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?