ඉන්ධන අර්බුදය මුවාවෙන් තිළිණි ගහපු ගැහිල්ල ගැනත් තොරතුරු එළියට (වීඩියෝ)

මහා පරිමාන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සතු බැංකු ගිණුම් 03ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

අදාළ බැංකු ගිණුම්වල රුපියල් ලක්ෂයකට වඩා අඩු ශේෂයක් පමණක් පැවති බව එම පරීක්ෂා කිරීම්වල දී අනාවරණය වූ බව
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

තිළිණි ප්‍රියමාලි විසින් වංචා කර ඇති බව පැවසෙන රුපියල් කෝටි 250කට ආසන්න මුදල සොයා තව දුරටත් විමර්ශන සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර සැකකාර තිළිණි ප්‍රියමාලි රට තුළ තෙල් අර්බුධය පැවති සමයේ ශ්‍රි ලංකාවට තෙල් ගෙන්වන නියෝජිතවරිය වශයෙන් පෙනී සිටිමින් ව්‍යාපාරිකයන්ගෙන් ඩොලර් කෝටි ගණනින් වංචා කර ඇති බව ද තොරතුරු අනාවරණය වී තිබෙනවා .

මෙරටට තෙල් ගෙන්වීමේ නියෝජිතවරිය වශයෙන් රජය තමන් පත්කර ඇති බවයි එහිදී ව්‍යාපාරිකයන් රවටමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ.

තෙල් ගෙන්වීම සදහා තමන්ට ඩොලර් ලබාදෙන ලෙසත්, එම ඩොලර්වලින් මෙරටට තෙල් ගෙන්වීමෙන් පසු ඒවා අලෙවි කර වැඩි ලාභයක් ලබා දිය හැකි බවටත් සැකකාරිය අදාළ ව්‍යාපාරිකයින්ට පවසා ඇති බව සඳහන්.

https://youtu.be/5kYPttUOVf0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?