ඉන්ධන අර්බුදයට මුහුණ දෙන්න විද්‍යුත් යතුරුපැදි ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක්

ඉන්ධන අර්බුදයට මුහුණ දීම සඳහා විද්‍යුත් යතුරුපැදි ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට ආනයනය කරන සහ රට තුළ පරිවර්තනය කරන සහ එකලස් කරන විද්‍යුත් යතුරුපැදි අළෙවි කරන ආයතනවල නියෝජිතයන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය වෙත ගෙන්වා අදාළ යතුරුපැදිවල තත්වය පරීක්ෂා කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවට ආනයනය කරන, එකලස් කරන සහ පරිවර්තනය කරන සියලූ විද්‍යුත් යතුරුපැදි සඳහා ඉදිරියේ නිශ්චිත ප්‍රමිතියක් හඳුන්වා දීමටයි මෝටරථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?