AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දු – ශ්‍රී ලංකා තීරණාත්මක එක්දින තරගය අද – කෝලිට අතිශය විශේෂයි

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින තරගය අද (07) පස්වරු 2.30ට පැවැත්වෙනවා.

ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දීයි.

අද පැවැත්වෙන අවසන් එක්දින තරගය දෙපිළට ම තීරණාත්මක වනු ඇති.

ඒ මේ වනවිට පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත්, දෙවැනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව පරදා ලකුණු 32කින් ජය ගැනීම හේතුවෙන් මෙම තරගය ජය ගැනීම දෙපිළට ම තීරණාත්මක වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින් මෙහෙයවනු ලබන අතර රෝහිත් ෂර්මා ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලබනවා.

මේ අතර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන විරාට් කෝලි මෙරට දී ක්‍රීඩා කරන සිය අවසන් ජාත්‍යන්තර එක්දින තරගය ලෙස ද අද තරගය ඉතිහාසගත වනු ඇති.

විරාට් කෝලි සිය මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වරම් දිනා ගත්තේ ද ශ්‍රී ලංකාවට එරෙහිව 2008 වර්ෂයේ දඹුල්ලේ පැවැති එක්දින තරගාවලියට එක්වෙමින් වන අතර; ඔහු සිය එක්දින ක්‍රිකට් රටාවට සමුදෙන්නේ ද ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියකින් වීම ද අද තරගයේ තවත් සුවිශේෂීත්වයක්.

අද තරගය ශ්‍රී ලංකාව ජය ගතහොත් එය ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව වසර 27කට පසුව දිනූ එක්දින තරගාවලි ජය ද වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
29
+1
1
+1
12
+1
2
+1
5
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?