ඉන්දු – ශ්‍රී ලංකා තීරණාත්මක එක්දින තරගය අද – කෝලිට අතිශය විශේෂයි

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින තරගය අද (07) පස්වරු 2.30ට පැවැත්වෙනවා.

ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දීයි.

අද පැවැත්වෙන අවසන් එක්දින තරගය දෙපිළට ම තීරණාත්මක වනු ඇති.

ඒ මේ වනවිට පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත්, දෙවැනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව පරදා ලකුණු 32කින් ජය ගැනීම හේතුවෙන් මෙම තරගය ජය ගැනීම දෙපිළට ම තීරණාත්මක වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින් මෙහෙයවනු ලබන අතර රෝහිත් ෂර්මා ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලබනවා.

මේ අතර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන විරාට් කෝලි මෙරට දී ක්‍රීඩා කරන සිය අවසන් ජාත්‍යන්තර එක්දින තරගය ලෙස ද අද තරගය ඉතිහාසගත වනු ඇති.

විරාට් කෝලි සිය මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වරම් දිනා ගත්තේ ද ශ්‍රී ලංකාවට එරෙහිව 2008 වර්ෂයේ දඹුල්ලේ පැවැති එක්දින තරගාවලියට එක්වෙමින් වන අතර; ඔහු සිය එක්දින ක්‍රිකට් රටාවට සමුදෙන්නේ ද ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියකින් වීම ද අද තරගයේ තවත් සුවිශේෂීත්වයක්.

අද තරගය ශ්‍රී ලංකාව ජය ගතහොත් එය ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව වසර 27කට පසුව දිනූ එක්දින තරගාවලි ජය ද වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
29
+1
1
+1
12
+1
2
+1
5
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29