ඉන්දු – ශ්‍රි ලංකා සබඳතා සවිමත්ව ඉදිරියට ගෙන යාමට දෙරටේ නායකයින්ගෙන් ප්‍රතිඥා

අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමුවා.

එමෙන්ම ඉන්දු – ශ්‍රි ලංකා සබඳතා සවිමත්ව ඉදිරියට ගෙන යාමට යළිත් නායකයෝ ප්‍රතිඥා දුන්නා.

නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවය ඊයේ (09) පස්වරුවේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හි දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර, නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ඇරයුම පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එම අවස්ථාවට එක් වුණා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයෙන් පසුව ජනපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පැවති විශේෂ හමුවේ දී මෙරට සංචාරයක් සඳහා ද එක්වන ලෙස ජනාධිපතිවරයා විසින් ආරාධනාවක් ද සිදුකර තිබෙනවා.

ඒ, අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකළ ආරාධනය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එළඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා සංචාරය සිදුකරනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රාජ්‍ය නායකයන් ඊයේ (10) එක් වුණා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පැමිණීම පිළිබඳ ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ අතර, නවදිල්ලි අගනුවර ප්‍රධාන වට රවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ මෝදි අගමැතිවරයාගේ රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ මන්ත්‍රීවරුන් දෙන්නෙක් අතුරුදන් - පරාජයේ හේතුව රීසා සරූක් කියයි
07:37
Video thumbnail
ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මාලිමා හෙංචයියන් නොවන ස්වාධීන තිදෙනෙක් පත් කරන්න ඕනි
08:09
Video thumbnail
2026 ලෝක කුසලානයේ සූදානම ගැන පැතුමා කියයි
01:30
Video thumbnail
ලේකම්තුමියට ප#ර දීපු මතුගම සජබ සභාපති පොලිසියට භාරවෙයි..ජගත් විතානත් පොලිසියට එයි
03:04
Video thumbnail
අයවැය ජයගත්ත ගැම්මෙන් කොළඹ නගරාධිපතිතුමිය කළ කතාව
01:23
Video thumbnail
කොළඹ නගර සභාවේ අයවැය මාලිමාව ගැම්මෙන් ජයගනී
02:39
Video thumbnail
බඩියෙක් නිසා විමල්ට නහුතෙට මළ පනියි.."හරිනි ඔයා ඕන බඩියෙක්ව තියාගන්න"
04:50
Video thumbnail
"දැයට සමුදෙන හෙළයේ ගී කෝකිලාවිය" - සජීවි විකාශය
00:00
Video thumbnail
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් CID‍යට පැමිණිල්ලක්..මොඩියුලයක ඇතුළත් නොවියයුතු වෙබ් අඩවියක නමක් තියෙනවා
08:16
Video thumbnail
DIGගෙන් හදවතට වදින සුපිරි කතාවක්..දිට්වා කළ විනාශයෙන් අහිංසක ජීවිත තවමත් පස් ය# ඉන්නවා
03:41


?