ඉන්දු – ශ්‍රි ලංකා සබඳතා සවිමත්ව ඉදිරියට ගෙන යාමට දෙරටේ නායකයින්ගෙන් ප්‍රතිඥා

අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමුවා.

එමෙන්ම ඉන්දු – ශ්‍රි ලංකා සබඳතා සවිමත්ව ඉදිරියට ගෙන යාමට යළිත් නායකයෝ ප්‍රතිඥා දුන්නා.

නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවය ඊයේ (09) පස්වරුවේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හි දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර, නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ඇරයුම පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එම අවස්ථාවට එක් වුණා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයෙන් පසුව ජනපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පැවති විශේෂ හමුවේ දී මෙරට සංචාරයක් සඳහා ද එක්වන ලෙස ජනාධිපතිවරයා විසින් ආරාධනාවක් ද සිදුකර තිබෙනවා.

ඒ, අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකළ ආරාධනය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එළඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා සංචාරය සිදුකරනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රාජ්‍ය නායකයන් ඊයේ (10) එක් වුණා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පැමිණීම පිළිබඳ ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ අතර, නවදිල්ලි අගනුවර ප්‍රධාන වට රවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ මෝදි අගමැතිවරයාගේ රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57