ඉන්දුනීසියාවේ ප්‍රබල භූ චලනයක්

ඉන්දුනීසියාවේ පැපුවා හි රිච්ටර් මාපක ඒකක 6.3 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇති බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය පවසනවා.

භූමිකම්පාව කිලෝමීටර් 39ක් (සැතපුම් 24.23) ගැඹුරින් ඇති වූ බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය පැවසුවේ භූමිකම්පාවෙන් පසු සුනාමි තර්ජනයක් නොමැති බවයි.

ඉන්දුනීසියාවේ කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසුවේ සුනාමි අවදානමක් නොමැති නමුත් පසු කම්පන ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇති බවයි.

ඉන්දුනීසියාව, මිලියන 270කට වඩා වැඩි ජනගහනයක් සිටින විශාල දූපත් සමූහයක් වනවා.

පැසිෆික් ද්‍රෝණියේ ගිනිකඳු සහ ගිනි වළල්ල මත එහි පිහිටීම නිසා එය නිතර භූමිකම්පා සහ ගිනිකඳු පිපිරීම්වලට ලක්වීම සාමාන්‍ය සිදුවීමක්.

පසුගිය නොවැම්බර් 21 වනදා රිච්ටර් මාපක 5.6ක භූමිකම්පාවකින් බටහිර ජාවා හි සියන්ජුර් නගරයේ පුද්ගලයින් 331 දෙනෙකු මිය ගිය අතර 600 කට ආසන්න පිරිසක් තුවාල ලැබූවා.

එය 2018 වසරේ ප්‍රබල භූමිකම්පාවෙන් පසුව ඉන්දුනීසියාවේ දැවැන්තම කම්පනය වූ අතර අතර 2018 වසරේ සුලවේසි හි භූ කම්පනයෙන් හා සුනාමියෙන් පුද්ගලයන් 4,340ක් පමණ මිය ගියා.

2004 වසරේ දී, ශ්‍රී ලංකාවට ද සුනාමියෙන් බලපෑම් එල්ල වූ ඉන්දියන් සාගරයේ භූමිකම්පාවකින් රටවල් ගණනාවක 2,30,000කට වැඩි පිරිසක් මිය ගියා.

එම මියගිය පිරිසෙන් වැඩි දෙනෙක් ඉන්දුනීසියාවේ අචේ පළාතේ බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47


?