ඉන්දුනීසියාවේ ප්‍රබල භූ චලනයක්

ඉන්දුනීසියාවේ පැපුවා හි රිච්ටර් මාපක ඒකක 6.3 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇති බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය පවසනවා.

භූමිකම්පාව කිලෝමීටර් 39ක් (සැතපුම් 24.23) ගැඹුරින් ඇති වූ බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය පැවසුවේ භූමිකම්පාවෙන් පසු සුනාමි තර්ජනයක් නොමැති බවයි.

ඉන්දුනීසියාවේ කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසුවේ සුනාමි අවදානමක් නොමැති නමුත් පසු කම්පන ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇති බවයි.

ඉන්දුනීසියාව, මිලියන 270කට වඩා වැඩි ජනගහනයක් සිටින විශාල දූපත් සමූහයක් වනවා.

පැසිෆික් ද්‍රෝණියේ ගිනිකඳු සහ ගිනි වළල්ල මත එහි පිහිටීම නිසා එය නිතර භූමිකම්පා සහ ගිනිකඳු පිපිරීම්වලට ලක්වීම සාමාන්‍ය සිදුවීමක්.

පසුගිය නොවැම්බර් 21 වනදා රිච්ටර් මාපක 5.6ක භූමිකම්පාවකින් බටහිර ජාවා හි සියන්ජුර් නගරයේ පුද්ගලයින් 331 දෙනෙකු මිය ගිය අතර 600 කට ආසන්න පිරිසක් තුවාල ලැබූවා.

එය 2018 වසරේ ප්‍රබල භූමිකම්පාවෙන් පසුව ඉන්දුනීසියාවේ දැවැන්තම කම්පනය වූ අතර අතර 2018 වසරේ සුලවේසි හි භූ කම්පනයෙන් හා සුනාමියෙන් පුද්ගලයන් 4,340ක් පමණ මිය ගියා.

2004 වසරේ දී, ශ්‍රී ලංකාවට ද සුනාමියෙන් බලපෑම් එල්ල වූ ඉන්දියන් සාගරයේ භූමිකම්පාවකින් රටවල් ගණනාවක 2,30,000කට වැඩි පිරිසක් මිය ගියා.

එම මියගිය පිරිසෙන් වැඩි දෙනෙක් ඉන්දුනීසියාවේ අචේ පළාතේ බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57